අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ක් වෙන්න ගිහින් නූලෙන් බේරෙයි - ලංකාවේ රන් මිලේ නවතම තත්ත්වය මෙන්න
නිරන්තරයෙන් උඩ පහළ යන ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් අද(05) දින වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ අනුව,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 368,010ක් සහ එහි විකුණුම් මිල රුපියල් 392,980ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,113ක් සහ එහි විකුණුම් මිල රුපියල් 360,098ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,965ක් සහ එහි විකුණුම් මිල රුපියල් 343,880ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 276,045ක් සහ එහි විකුණුම් මිල රුපියල් 294,745ක් ලෙස වාර්තා විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.