බොරලැස්ගමුව කළඹපු 'දෙහිවල සැන්ඩෝ' එව්ව වෙඩික්කරුවන්ගේ ප්‍රහාරය ගැන තවත් තොරතුරු එලියට
බොරලැස්ගමුව, මාලිනී බුලත්සිංහල මාවතේ පිහිටි නිවසකදී ඊයේ (04) දින රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට බොරලැස්ගමුව පොලීසිය සමත්ව ඇත.
පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම වෙඩිතැබීම පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන 'දෙහිවල සැන්ඩෝ' නමැත්තා විසින් 'කොස්මල්ලි' නමැත්තාගේ මුදල් අයකැමිවරයා ඉලක්ක කර මෙම වෙඩිතැබීමට පැමිණ තිබෙන බවයි කෙසේවෙතත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වැරදීමෙන් එම මුදල් අයකැමිවරයාගේ පියාට වෙඩි වැදී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අංශභාග රෝගී තත්ත්වයකින් පෙළුණු සුනිල් ප්‍රනාන්දු නමැති 74 හැවිරිදි වියපත් පුද්ගලයෙකි.
තවද යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සහ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි .