15 හැවිරිදි පෙම්වතිය ආගමික ස්ථානයකදී පෙම්වතා විසින් දූෂණය කරලා
ආණමඩුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරිවියක් ආගමික ස්ථානයකදී දුෂණයට ලක්වූ සිද්ධියක් සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
පරීක්ෂණවලට අනුව අනාවරණය කර ඇත්තේ, දැරියට එම දුෂණය සිදු කළේ එම පාසලේම ඉගෙනුම ලබන සිසුවෙකු වන අතර, ඔහු නවගත්තේගම – අන්දරවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
ඉකුත් ජූනි මාසයේදී දැරිවිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වී ඇති අතර, ඒ සම්බන්ධතාවය මත, සැකකරු ඉකුත් අගෝස්තු මාසයේ දිනක දුරකතනයෙන් කළ යෝජනාවකට අනුව දැරිවිය පාසල් යන බව තම මවට පවසා ආණමඩුව නගරයට පැමිණ තිබේ.
පසුව, ආණමඩුව නගරයේ බස් නැවතුම්පොළ ආසන්නයේදී දැරිවිය පාසල් නිල ඇඳුම ඉවත් කර වෙනත් ඇදුමකින් සැරසී, සැකකරු සමඟ ආණමඩුව නගරයට ආසන්න ප්‍රසිද්ධ ආගමික සිද්ධස්ථානයකට ගොස් තිබේ.
එම ආගමික ස්ථානයේ ගල් තලාවක් මත සැකකරු දැරිවිය දූෂණයට ලක්කර ඇති අතර, මෑතකදී දැරිවිය සහ සැකකරු අතර සිදු වූ ආරවුලක් හේතුවෙන් දැරිය මෙම සිද්ධිය තම මවට පවසා ඇත.
ඒ අනුව, දැරිවියගේ මව ආණමඩුව පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳ පැමිණිලි ලබාදී තිබේ. සැකකරු නවගත්තේගම පොලිස් වසමේ පදිංචි වීම හේතුවෙන්, ආණමඩුව පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සදහා නවගත්තේගම පොලීසියට දැනුම් දී තිබේ.
අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.