ජනප්‍රිය නිළියක් ජීවිතක්ෂයට
By Ashfa
සෙනෙගල් සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත සලකුණක් තැබූ රංගන ශිල්පිනී හලීමා ගාඩ්ජි ජීවිතක්ෂයට පත්ව ඇත.
'Maîtresse d’un homme marié' නමැති අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවේ 'මාරියම් ඩියල්' (Marième Dial) ගේ චරිතය හරහා ඇය ජාත්‍යන්තර අවධානයට ද පාත්‍ර වූවා.
ඇයගේ රංගන කුසලතාවය හේතුවෙන් අප්‍රිකානු කලා ක්ෂේත්‍රයේ ඇය ප්‍රමුඛ චරිතයක් බවට පත්ව සිටි අතර ඇයගේ අභාවයට හේතුව මෙතෙක් පවුලේ උදවිය විසින් ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර, මෙම හදිසි වියෝව සම්බන්ධයෙන් ඇයගේ රසිකයින් සහ කලා සගයින් විශාල පිරිසක් සිය ශෝකය පළ කරමින් සිටියි.