ලාංකිකයන්ට රුමේනියාවේ රැකියා අවස්ථා - රජයෙන්ම සහය දෙනවලු

Report

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව සහ රුමේනියානු රජය අතර කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගීතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වී ඇත්තේ ශ්‍රමික බඳවා ගැනීම් සහ කළමනාකරණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, සදාචාරාත්මක සහ විනිවිදභාවයෙන් යුතු බඳවා ගැනීම් පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් හා සුබසාධනය ආරක්ෂා කිරීම, දෙරටේ නිසි බලධාරීන් අතර නිරන්තර සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම සහ කම්කරු ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව, කුසලතා පිළිගැනීම සහ ධාරිතා වර්ධනය වැඩිදියුණු කිරීම වැනි කරුණු මෙහි අරමුණු වේ.

නැවතත් මාරාන්තික වෛරසයක් - රටම සීරුවෙන් - සියලු රටවල් ගුවන්තොටුපළ ආරක්ෂාව දැඩි කරයි

නැවතත් මාරාන්තික වෛරසයක් - රටම සීරුවෙන් - සියලු රටවල් ගුවන්තොටුපළ ආරක්ෂාව දැඩි කරයි

වසර ගණනාවක් සිට ශ්‍රී ලංකාව සමග විවිධ ක්ෂේත්‍රවලට අදාළ දිගුකාලීන හා සුහද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන රුමේනියාව ඉදිකිරීම්, නිෂ්පාදන, ආගන්තුක සත්කාර හා සේවා වැනි ක්ෂේත්‍රවල කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමික කාණ්ඩ අතර ප්‍රචලිත වෙමින් පවතින ගමනාන්තයක් වන අතර වර්තමානයේදී රුමේනියාට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධීක්ෂණය යටතේ බලපත්‍රලාභී පෞද්ගලික රැකියා නියෝජිතායතන මගින් සිදු කරයි.

ඔබේ දරුවාව බේරගන්න - පාසල් සිසුන් ගැන භයානක හෙළිදරව්වක්

ඔබේ දරුවාව බේරගන්න - පාසල් සිසුන් ගැන භයානක හෙළිදරව්වක්

කෙසේ වුවවත් ඉහළ යන ශ්‍රමික ඉල්ලුම හේතුවෙන් වඩාත් සංවිධානාත්මක හා තිරසර බඳවා ගැනීම් ක්‍රමයක් ස්ථාපති කිරීම යෝග්‍ය බව දෙපාර්ශ්වය විසින් හඳුනාගෙන ඇති බැවින් ඉහත අරමුණු සහිතව ශ්‍රී ලංකා රජය සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.