නැවතත් මාරාන්තික වෛරසයක් - රටම සීරුවෙන් - සියලු රටවල් ගුවන්තොටුපළ ආරක්ෂාව දැඩි කරයි
මේ වනවිට ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් නිපා (Nipah) වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඇත. ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයින් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ තායිලන්තය, නේපාලය සහ තායිවානය වැනි රටවල ගුවන් තොටුපළවල් සිය සෞඛ්‍ය පරීක්ෂණ සහ පූර්ව ආරක්ෂණ ක්‍රමවේද දැඩි කර ඇත.
මෙය සතුන්ගෙන් මිනිසුන්ට බෝවන වෛරසයක් වන අතර, වසංගත තත්ත්වයක් ඇති කිරීමේ හැකියාව සහිත ප්‍රමුඛ පෙළේ වෛරසයක් ලෙස මෙම නිපා වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නම් කර ඇත.
අවදානමට කරුණ නම් නම් මෙම වෛරසය සඳහා මෙතෙක් සාර්ථක එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාර ක්‍රමවේදයක් සොයාගෙන නොමැති අතර මෙම වෛරසයේ ආසාදිත මරණ අනුපාතය 40% සිට 75% දක්වා ඉහළ මට්ටමක පවතී.
අදාල වෛරසය පිළිබදව මේ වනවිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත. මේ වනවිට ආසියානු කලාපයේ රටවල් කිහිපයකම වෛරස් මර්දන නිරීක්ෂණ කටයුතු දැඩි කර ඇති අතර මෙරට සෞඛ්‍ය අංශ ද පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි.
එමෙන්ම අදාල වෛරසය පිළිබදව නිරන්තර විමසිල්ලෙන් පසුවන බවත්, අවශ්‍ය පූර්ව ආරක්ෂණ පියවර දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් තොරතුරු වාර්තා වේ.
මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, "ශ්‍රී ලංකාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර කලාපීය තත්ත්වය ඉතා සූක්ෂ්ම ලෙස නිරීක්ෂණය කරනවා.
දැනට මෙරටට සෘජු තර්ජනයක් නැතත්, ජාත්‍යන්තර සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සහ ඉදිරි වර්ධනයන් මත පදනම්ව අවශ්‍ය වුවහොත් ඉදිරි පියවර ගැනීමට අප සූදානම්," ලෙසයි.
වෛරසය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඇතැම් අවස්ථාන් වලදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව කියවේ.
මෙහි මූලික රෝග ලක්ෂණ අතර උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය සහ උගුරේ අමාරුව ඇතුළත් විය හැකිය. ඇතැම් පුද්ගලයින් තුළ, නිදිමත ගතිය, සිහිය වෙනස් වීම සහ නියුමෝනියාව ඇති විය හැකි බවද සඳහන් වෙයි.
මෙම වෛරසය පළමු වරට පැතිරීම 1998 දී මැලේසියාවේ ඌරු ගොවීන් අතර සිදු වූ අතර පසුව අසල්වැසි සිංගප්පූරුවට ද ව්‍යාප්ත වී තිබේ. වෛරසයට එහි නම ලැබී ඇත්තේ එය මුලින්ම සොයාගත් ගම්මානයෙන් බව සඳහන් වෙයි.
වෛරසයෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඌරන් මිලියනයක් මරා දමා ඇති බව සඳහන් වෙයි. මෑතකදී, දකුණු කේරළ ප්‍රාන්තය නිපා රෝගයේ උණුසුම් ස්ථානයක් බවට පත්ව ඇත. 2018 දී රෝගීන් 19ක් වාර්තා වී ඇති අතර ඉන් 17 ක් මිය ගොස් ඇත.
2023 දී, රෝගීන් හයක් වාර්තා වී ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇත. පසුගිය සතිය වන විට රෝගීන් පස් දෙනෙකු වාර්තා වී ඇති අතර, ඔවුන් සියල්ලන්ම බරසාත් හි පෞද්ගලික රෝහලකට සම්බන්ධ පුද්ගලයින් බව සනාථ වී ඇත.
හෙදියන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන අතර, ඉන් එක් අයෙකු "ඉතා අසාධ්‍ය" තත්ත්වයේ පසුවන බව එරට ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබේ.