දවස් 14ක් දෙන්නම්.. රාජ්‍ය සහ පෞද්ගලික පාසල් දෙවර්ගයටම.. වහාම අද ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

Report

රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් ප්‍රදේශයේ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් හදිසි පරික්ෂාවට ලක් කර තිබෙනවා.

ඒ අද (30) දින තුළ දී ය.

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..


උදැසන පාසල් ළමුන් ප්‍රවාහනය කිරිමෙන් අනතුරුව එම බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසිය ඉදිරිපිටට රැගෙන විත් තිබෙනවා.

ඒ එම වාහනවල තිබෙන සියලුම අඩුපාඩුකම් රියදුරන් වෙත පෙන්වා දිමයි.

රටම කතා වුණ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ගාල් කරපු වාහන.. වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට..

රටම කතා වුණ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ගාල් කරපු වාහන.. වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට..


ඒ අනුව එම අඩුපාඩුකම් සපුරා ගැනිමට දින 14 ක කාලයක් ලබාදිමට පියවර ගෙන තිබුණේ ය.

එම කාලය අතුරතුර හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් පෙන්වා දුන් අඩුපාඩුකම් සපුරා නොගන්නා බස් රථ සහ වෑන් රථ නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යොමු කිරිමට නියමිතයි.

ඉන්ධන මිල විශාල ගාණකින් අඩු වෙයි?. මාලිමා ආණ්ඩුව ආවට පස්සේ රටම බලන් හිටිය දෙය මෙන්න..

ඉන්ධන මිල විශාල ගාණකින් අඩු වෙයි?. මාලිමා ආණ්ඩුව ආවට පස්සේ රටම බලන් හිටිය දෙය මෙන්න..


ඒ අනුව එම වාහන ධාවනයෙන් ඉවත් කිරිමට හෝ එම වාහනවල හිමිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකරගේ උපදෙස් මත හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේනගේ අධික්ෂණය යටතේ මෙම වාහන පරික්ෂා කිරිම සිදු කෙරිණ.