නාමල්ගෙන් සුපිරි වැඩක් හැමෝටම නොමිලේ

Report

දිවයිනට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් "ආදරය" වැඩසටහන නමින් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ වැඩසටහන ඊයේ හම්බන්තොටදී සිදුවිය.

මෙම වැඩසටහනේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් 4ක දරුවන් දහසකට වැඩි ප්‍රමාණයකට මෙලෙස පොත්පත් හා පාසැල් උපකරණ බෙදා දීම සිදුවිය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ අනෙකුත් දිස්ත්‍රික්කවලද මෙසේ ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදාදීම සිදුකරන බවයි.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම "ආදරය " වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ආයතනද සහභාගි කරගන්නා බවයි.

මෙරට දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට සියලුම දෙනාට මෙම සද්කාර්‍යට සහභාගී වන ලෙසද නාමල් රාජපක්ෂ ඉල්ලීමක්ද කළේය.

රටේ ආහාර හිඟයක් හැමෝම අවදානමෙන්

රටේ ආහාර හිඟයක් හැමෝම අවදානමෙන්