මේ ශ්‍රේණිවල පාසල් වේලාව දෙක දක්වා දීර්ඝ වේ - සෙසු ශ්‍රේණි වෙනස් නොවේ
පාසල් කාලයක් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ බොහෝ දෙනා නොයෙකුත් අදහස් පල කර තිබුණි.
ඒ අනුව අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළේ සියලු පාර්ශ්ව සමඟ කතා කොට සාකච්ඡා කර අවසානයේ පාසල් වේලාව දීර්ඝ කිරීමට ඔවුන් තීරණය කළ බවයි.
ඒ අනුව මෙලෙස දීර්ඝ වෙන පාසල් ශ්‍රේණි පිළිබඳව අද දිනයේ දැනුම් දීමක් සිදු කර තිබේ.
ඒ අනුව එක ශ්‍රේණිය සහ දෙක ශ්‍රේණිය 7.30 -11.45 දක්වා සුපුරුදු පරිදි පැවැත්වෙන අතර තුන සහ හතරවැනිි ශ්‍රේණි සුපුරුදු පරිදි 7.30 - 1.00 දක්වා සහ පහ ශ්‍රේණියේ සිට ඉහළට 7.30 - 2.00 දක්වා පැවැත්වේ.
ඒ අනුව මෙම ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරන ගුරු වෘත්තීය සමිති සඳහන් කළේ හෙට (07) දිනයට කලින් නිසි පිළිතුරක් ලබා නොදුන්නහොත් ඔවුන් දැවැන්ත වෘත්තීය ක්‍රියා මාර්ගයකට පැමිණෙන බවයි.