කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ළඟම නෑයෙක් - සියල්ල එළියට
අනුරාධපුර ප්‍රදේශයේදී හොරායින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ සම්බන්ධයෙන් ආන්දෝලාත්මක හෙළිදරව්වක් අනාවරණය වී තිබේ.
ඒ අනුව ඇය ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නිරංජලා වන අතර ඇය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
ඇයගේ සැමියා ඊයේ දින (05) අත් අඩංගුවට ගැනුණි.මේ අතර පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු. සිය නිවසේ හොරොයින් පාර්සලක් ඇති බව පවසා ඇති අතර සිය සගයෙකුට එය සඟවන ලෙස උපදෙස් ලබා දී ඇත. සගයා එය රැගෙන ගොස් සඟවා ඇති අතර ඒ අතරතුරේදී සැකකරු සිය පියාට පවසා ඇත්තේ එම මත්ද්‍රව්‍ය තොගය සගයාගෙන් ලබාගෙන නිවස පිටුපස යළි සඟවන ලෙසයි.
ඒ අනුව අදාළ සැකකරුගේ පියා එම හෙරොයින් තොගය සැඟවූ සගයා ලවාම එය නැවත ගෙන්වාගෙන ගල්නෑවේ පිහිටි සිය නිවස පසුපස වළදමා තිබේ. අනතුරුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව අදාළ සගයා පළමුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැඟවූ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අනාවරණ කර ඇත.
ඒ අනුව නිවස පසුපස සඟවා තිබූ හෙරොයින් පාර්සලය සොයාගැනුණු අතර, කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 185යි මිලිග්‍රෑම් 400ක බරකින් යුත් හෙරොයින් තොගයක් එහි වූ බව පොලීසිය සඳහන් කරයි.
අනතුරුව පොලිසිය සැකකාර පියා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔහු ප්‍රදේශයේ පිහිටි රජයේ විදුහලක විදුහල්පතිවරයා බවය.
එමෙන්ම ඔහුගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන දිස්නා නෙරංජලා නැමැත්තිය බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ. ඒ අනුව අදාළ මන්ත්‍රිවරියගේ පෑලියගොඩ පිහිටි නිවසක්ද ඊයේ පස්වරුවේ පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කළද එහි තිබී කිසිඳු සැකකටයුතු දෙයක් හමුවී නොමැත.
මේ අතර අදාළ මන්ත්‍රීවරිය මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු ද වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ඥාතිවරියක් බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා හා අනෙක් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. එමෙන්ම ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කළේය.