බගවන්තලාව කැළඹූ බස් අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් දසදෙනෙකුගේ තත්ත්වය බරපතළයි[UPDATE][VIDEO]
බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබිය දී අනතුරට ලක්වූ බස් රථයේ සිට තුවාල ලැබූ සිසුන් දසදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පවසයි.
ඒ අනුව අද උදෑසන 7.30ට පමණ සිදු වූ මෙම අනතුර රාණිකාඩු බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදී සිදුව තිබුණා.
එහිදී දරුවන් 34 දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ ජයසූරීය මහතා ප්‍රකාශ කළා.
ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා බස් රථය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කිරීමට රියදුරු කටයුතු කර තිබෙනවා.
මේ අතර බරපතළ තත්ත්වයේ පසුවෙන දරුවන් දසදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ.