කොබෙයිගනේ පොලිස් භාරයේදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට සැරයන් යළි රිමාන්ඩ්
By Malith Madushan
කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් සැරයන්වරයා ලබන 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
අදාළ පොලිස් සැරයන්වරයා ඊයේ (01) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (02) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.
ඒ අනුව, අද දිනයේ යළිත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නිකවැරටිය මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.