විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහි නඩුව යළිත් කල්යයි

Report

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් 07 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීම මෙම නඩුවට හේතු වී ඇත.

එමඟින් මහජන පීඩාවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් අදාළ පැමිණිල්ල ගොනුකර තිබුණි.

ලාෆ්ස් ගෑස් භාවිතා කරන්නට සුභ ආරංචියක් - මඟ බලපු ලාෆ්ස් ගෑස් ලැබෙන දිනේ මෙන්න - ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලාෆ්ස් ගෑස් භාවිතා කරන්නට සුභ ආරංචියක් - මඟ බලපු ලාෆ්ස් ගෑස් ලැබෙන දිනේ මෙන්න - ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

මෙම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නඩුව දෙසැම්බර් 07 වැනිදා යළි කැඳවීමට නියෝග කර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසාම්මිල්, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන අය නම් කර ඇත.

දකුණු කොරියාවේ ඉගෙනගෙන රැකියාවක් කරන්න අවස්ථාවක් - ශ්‍රී ලාංකික සිසුන්ට නව දොරටුවක්

දකුණු කොරියාවේ ඉගෙනගෙන රැකියාවක් කරන්න අවස්ථාවක් - ශ්‍රී ලාංකික සිසුන්ට නව දොරටුවක්