බගවන්තලාවේ දී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරකට - ළමුන් 34කට තුවාල
බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34දෙනෙකු තුවාල ලබා තිබේ.
පෞද්ගලික බස් රථයක තිරිංග පද්ධතියේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් අද (28) උදෑසන අනතුර සිදුව ඇති අතර, ඉන් සිසුන් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.
බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේදී රියදුරා එය පස් කන්දක ගැටීමට සැලැස්වීමෙන් විශාල අනතුරක් වැළකී ඇති අතර, තුවාල ලැබූ සිසුන් අතරින් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරු කර යවා ඇත.
සෙසු සිසුන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වෛද්‍ය නිලධාරීන් තහවුරු කර ඇත.