දුම්බර බන්ධානාගාරය තුළදී වෙඩි වැදී රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙයි

Report

දුම්බර බන්ධනාගාරය තුළදී වෙඩි වැදීමකින් රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාරයේ තාප්පයෙන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් අදාළ රැඳවියා මියගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් මත මීට දින 10කට පෙර බන්ධනාගාරගත කළ ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් ද විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.