ලාෆ්ස් ගෑස් භාවිතා කරන්නට සුභ ආරංචියක් - මඟ බලපු ලාෆ්ස් ගෑස් ලැබෙන දිනේ මෙන්න - ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්
ලාෆ්ස් ගෑස් (Laugfs Gas) සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා ප්රකාශ කළේ, ලබන සතියේ පැමිණීමට නියමිත නෞකා මගින් ලැබෙන ගෑස් තොග, පළමුව පාරිභෝගිකයින් මිලියන තුනක් අතර බෙදා හරිනු ඇති බවයි.
ලාෆ්ස් ගෑස් රැගත් නෞකා දෙකක් ලබන සතියේ පැමිණීමට නියමිත බවත්, එම ගෑස් තොග වහාම පාරිභෝගිකයින් වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ලෝක මට්ටමින් පවතින ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් ගෑස් ආනයනයේදී මතුව ඇති විවිධ බාධාවන්, වර්තමානයේ පවතින ගෑස් හිඟයට ප්රධාන හේතුව බව ඔහු පැහැදිලි කළේය.
මීට අමතරව, හම්බන්තොට පර්යන්තයෙන් (terminal) ගෑස් නිකුත් කිරීමේදී ඇති වූ යම් සංකීර්ණ තත්ත්වයක් ද රට පුරා පවතින මෙම ගෑස් හිඟයට බලපා ඇති බව ඔහු සඳහන් කළේය.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්
එබැවින්, මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා ගැනීමේ අරමුණින්, ගත යුතු පියවර පිළිබඳව ජනාධිපතිතුමා සහ භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්රකාශ කළේය.