ෂාරුක්ගේ 61 වැනි උපන්දින තෑග්ග - 'King' චිත්‍රපටයේ 'Tu Mila Jaye' ගීතයෙන් දීපිකා සහ එඩ් ෂීරාන් එක්ක වැඩ පෙන්නයි

Report

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය 61 වැනි උපන්දිනය අද (නොවැම්බර් 02) සමරන්නේ ඔහුගේ ඉදිරි සිනමා නිර්මාණය වන ‘King’ චිත්‍රපටයේ පළමු ගීතය වන ‘Tu Mila Jaye’ එළිදැක්වීමත් සමඟය.

මධ්‍යම රාත්‍රියේදී නිකුත් කෙරුණු මෙම ගීතය තුළින් ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් යළිත් වරක් රිදී තිරයේ එකට දැකගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිව තිබේ. ගීතය අරිජිත් සිංගේ හඬින් හැඩවී ඇති අතර, එඩ් ෂීරාන්ගේ ඉංග්‍රීසි රැප් ගායනයක් ද ඊට එක්කර තිබීම විශේෂත්වයකි.

ආදරය, නර්තනය සහ ක්‍රියාදාම දර්ශනවලින් සමන්විත මෙම ගීත වීඩියෝව තුළ ෂාරුක් ඛාන් සිය චරිතය හඳුන්වා දෙන්නේ, "මම ඝාතකයෙක් නොවෙයි, පෙම්වතෙක්. මගේ ඉලක්කය මගේ ආදරයයි.

හදවතක් සිදුරු නොකරන පෙම්වතා කුමකටද?" යන අර්ථය ගෙන දෙන දෙබසක් සමඟිනි.

වෙරළ තීරයක් සහ කැෆේ අවන්හලක් ඇතුළු සුන්දර පසුබිම් රැසක රූගත කර ඇති මෙම වීඩියෝවේ ෂාරුක් සහ දීපිකා ආදරබර දර්ශනවලට එක්ව සිටිති.

එමෙන්ම ෂාරුක්ගේ ක්‍රියාදාම දර්ශන සහ කමිසයක් රහිතව පෙනී සිටින දර්ශනයක් ද වීඩියෝවට ඇතුළත් වේ. එඩ් ෂීරාන්ගේ රැප් ගායනයට ෂාරුක් තොල් සෙලවීම ද මෙහි දැකගත හැකිය.

අවසානයේදී ඔහුගේ චරිතයේ අඳුරු ස්වභාවය පිළිබිඹු කරන තවත් දෙබසකින් වීඩියෝව අවසන් වේ. මෙම ගීතය අරිජිත් සිං සහ එඩ් ෂීරාන් අතර සිදුවූ සංගීතමය සහයෝගීතාවක් ලෙස ද විශේෂත්වයක් ගනී.

මධුබන්ති බග්චි ද ගායනයෙන් දායක වී ඇති අතර, සචින්-ජිගාර් සංගීත නිර්මාණයෙන් එක්ව තිබේ. කුමාර් විසින් හින්දි ගී පද රචනා කර ඇති අතර, ඉංග්‍රීසි රැප් කොටස එඩ් ෂීරාන් විසින් රචනා කර ඇත. ගීතයේ නර්තන නිර්මාණය පියුෂ්-ෂාසියා විසිනි.

ගීතය එළිදැක්වීම පිළිබඳව නිවේදනය කරමින් #LoveLikeAKing යන හැෂ්ටැගය ද ප්‍රසිද්ධ කර තිබේ. සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘King’ චිත්‍රපටය, ‘Pathaan’ චිත්‍රපටයෙන් පසු ෂාරුක් ඛාන් සහ සිද්ධාර්ත් ආනන්ද් නැවතත් එක්වන සිනමා නිර්මාණයයි.

රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් සහ මාර්ෆ්ලික්ස් පික්චර්ස් එක්ව චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබයි.

මෙම චිත්‍රපටයට සුහානා ඛාන්, අභිෂේක් බච්චන්, රාණි මුකර්ජි, අනිල් කපූර්, ජැකී ෂ්රොෆ්, ජයිදීප් අහ්ලාවත්, අර්ෂාද් වර්සි, රාගව් ජුයාල් සහ අභය වර්මා ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. ‘King’ චිත්‍රපටය 2026 දෙසැම්බර් 24 වැනිදා ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.

බොලිවුඩය හොල්ලපු සුපිරි තරුව අමිතාබ් බච්චන්ගේ ජීවිතයට බෝම්බ තර්ජනයක්ද? - මුම්බායි නිවස අසලදී වෙඩි නොවදින වීදුරුවකට මුවා වී රසිකයින් හමුවෙයි

බොලිවුඩය හොල්ලපු සුපිරි තරුව අමිතාබ් බච්චන්ගේ ජීවිතයට බෝම්බ තර්ජනයක්ද? - මුම්බායි නිවස අසලදී වෙඩි නොවදින වීදුරුවකට මුවා වී රසිකයින් හමුවෙයි