බැංකු 1400ක් එකට එක්කර බැංකු පද්ධතියක් නිර්මාණය කිරීමේ සූදානමක් - අස්වැසුම ප්‍රතිලාභීන් වෙනුවෙන් රජයෙන් අලුත්ම වැඩක්
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කර තිබෙන්නේ දිවයින පුරා ක්‍රියාත්මක සමෘද්ධි ප්‍රජාමූල බැංකු 1,400කට අධික සංඛ්‍යාවක් එකිනෙකට ජාලගත කර ඒකාබද්ධ හා ශක්තිමත් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් බවට පත් කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක සමෘද්ධි ප්‍රජාමූල බැංකු 1,400කට අධික සංඛ්‍යාවක් එකිනෙකට ජාලගත කර ඒකාබද්ධ හා ශක්තිමත් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් බවට පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත.
වයස 18ට වැඩි අවිවාහක වැඩිහිටියන්ට ෆින්ලන්තයට යන්න අවස්ථාවක් - සැබෑ ආදරය සොයාගන්න සියලු වියදම් ෆින්ලන්තයෙන්
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීමේ වගකීම පැවරී ඇත.
ඒ අනුව, 2029 වසර වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ අරමුණින් වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මකයි. එම වැඩසටහන් අතර සමෘද්ධි ප්‍රජාමූල බැංකු හරහා සියයට 2ක සහන පොලී අනුපාතයක් යටතේ ‘සවිබල’ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් යටතේ ස්වයං රැකියා ආරම්භ කිරීමට පහසුකම් සැලසීම සහ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදී රැකියාගත කිරීම ප්‍රධාන වේ.
තත්ත්වය නරක අතට - මුරසු ප්‍රබල සුළි කුණාටුවක් වෙයි - ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ස්වයං රැකියාවල නිරත පුද්ගලයන්ට ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීම, වෙළෙඳපොළ අවස්ථා හඳුන්වාදීම සහ ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘සුව බොජුන්හල්’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු වැඩසටහන් ද ආරම්භ කර ඇත.
මෙම වැඩසටහන් තවදුරටත් කඩිනම් කිරීම සහ ඒ පිළිබඳව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන 21,000කට ආසන්න සේවක මණ්ඩලය දැනුවත් කිරීමේ අරමුණින් ‘ප්‍රජා සවියට නව බලයක්’ යන තේමාව යටතේ දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් මාලාවක් පැවැත් වුණා.
ලාෆ්ස් ගෑස් භාවිතා කරන්නට සුභ ආරංචියක් - මඟ බලපු ලාෆ්ස් ගෑස් ලැබෙන දිනේ මෙන්න - ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්
එහි අවසන් වැඩසටහන අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පසුගියදා අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ‘අස්වැසුම’ වැඩසටහන මගින් ප්‍රතිලාභීන්ට සෘජු මූල්‍ය සහනාධාර ලබාදීම සිදුකරන අතර, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ අඩු ආදායම්ලාභී ජනතාව ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම බවයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව 2024 වසරේදී සියයට 24ක් ලෙස පැවති මෙරට දිළිඳුකමේ අනුපාතය 2026 ඔක්තෝබර් මාසය වන විට සියයට 15.8 දක්වා පහත වැටී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.
වත්මන් රජය යටතේ අඩු ආදායම්ලාභී ජනතාවගේ මූල්‍ය ශක්තිය ඉහළ නැංවීම සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් විවිධ මූල්‍ය සහනාධාර ඉහළ නංවා ඇති බව ද ඔහු සඳහන් කළා. ඒ අනුව, රුපියල් 8,000ක්ව පැවති අස්වැසුම දීමනාව රුපියල් 10,000 දක්වාත්, රුපියල් 15,000ක්ව පැවති දීමනාව රුපියල් 17,500 දක්වාත් ඉහළ නංවා තිබේ.
එමෙන්ම ආබාධිත දීමනාව රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වාත්, ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වාත්, වකුගඩු රෝගී දීමනාව රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වාත් වැඩි කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වසන්ත සමරසිංහ මහතා, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ දම්මික මුතුගල මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සමෘද්ධි නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.