ලෝක බලවතාට අත තියයි - රුසියා යුක්‍රේනයේ මහජන හදිසි අනතුරු ඇඟවීමේ ජංගම යෙදවුම්වලට ප්‍රබල සයිබර් ප්‍රහාර

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාවේ සහ යුක්‍රේනයේ මහජන හදිසි අනතුරු ඇඟවීමේ ජංගම යෙදවුම්වලට ප්‍රබල සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සයිබර් ප්‍රහාර හේතුවෙන් ජනතාව වෙත ව්‍යාජ අනතුරු ඇඟවීම් සහ නොමඟ යවන තොරතුරු බෙදාහැරී ඇති බවයි යුක්‍රේනයේ ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමේ යෙදවුමට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් පසු, කියෙව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට න්‍යෂ්ටික හා රසායනික තර්ජන පවතින බවට ව්‍යාජ පණිවුඩ නිකුත් වී ඇත.

මුළු ලෝකයම මඟ බලපු ආරංචියක් - ඇමරිකා ඉරාන යුද්ධයේ අවසානයක් - ට්‍රම්ප්ගේ ප්‍රකාශය මෙන්න

මුළු ලෝකයම මඟ බලපු ආරංචියක් - ඇමරිකා ඉරාන යුද්ධයේ අවසානයක් - ට්‍රම්ප්ගේ ප්‍රකාශය මෙන්න

එමෙන්ම, රුසියාව විසින් ඔරෙෂ්නික් අධිවේගී මිසයිලයක් යොදාගෙන ඇති බවට ද අසත්‍ය පණිවුඩයක් ප්‍රචාරය වී ඇති බව සඳහන් වන නමුත් විකිරණ තර්ජනයක් නොමැති බව යුක්‍රේන ගුවන් හමුදාව ජනතාවට දැනුම් දී ඇත.

එමෙන්ම නිල තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත්, කලබලයට පත් නොවන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටින අතර රුසියාවේ හදිසි අවස්ථා අමාත්‍යාංශයේ ජංගම යෙදවුමට ද දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එරට රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලය ඇවිලෙයි - වහාම බෙන්ජමින් නෙතන්යාහු ඉල්ලා අස්විය යුතුයි - නගර පහකින් දැවැන්ත විරෝධතා

ඊශ්‍රායලය ඇවිලෙයි - වහාම බෙන්ජමින් නෙතන්යාහු ඉල්ලා අස්විය යුතුයි - නගර පහකින් දැවැන්ත විරෝධතා

එමගින් ද ජනතාව වෙත ව්‍යාජ තොරතුරු බෙදාහැරී ඇති අතර, යෙදවුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව සඳහන් වන අතර රුසියාවේ සහ යුක්‍රේනයේ යෙදවුම්වලට එල්ල වූ මෙම සයිබර් ප්‍රහාර දෙක අතර සම්බන්ධයක් පවතින්නේද යන්න මෙතෙක් තහවුරු වී නැත.