ඩොලරයේ අගය අදත් එකම මට්ටමක - ලංකාවේ ප්‍රධාන බැංකුවල අලුත්ම ඩොලර් ගැනුම් සහ විකුණුම් මිල මෙන්න

Report

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද (02) දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයෙහි සැලකිය යුතු වෙනසක් සිදුව නොමැත.

ඒ අනුව, බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 336ත් 337ත් අතර පරාසයක පවතින බව වාර්තා වේ.

සෙලාන් බැංකුවේ (Seylan Bank) ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.25ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 337.50ක් ලෙසත් නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.00ක් වන අතර, විකුණුම් අනුපාතය රුපියල් 337.00ක් ලෙස සටහන් වේ. මහජන බැංකුවේ (People’s Bank) ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.55 සිට රුපියල් 328.50 දක්වාත්, විකුණුම් අනුපාතය රුපියල් 336.70 සිට රුපියල් 336.65 දක්වාත් සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

කොමර්ෂල් බැංකුවේ (Commercial Bank) ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 326.58ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 336.50ක් ලෙසත් වෙනසකින් තොරව පවතී.

මේ අතර, සම්පත් බැංකුවේ (Sampath Bank) ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.50ක් වන අතර, විකුණුම් අනුපාතය රුපියල් 336.50ක් ලෙස නොවෙනස්ව පවතින බව වාර්තා වේ.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්