ප්රචාරක රැළියට නැග්ග ෆොන්සේකා කියු දෙය.. ඒක අහන්න ආව අය මෙන්න..
අද (26) නුවරඑළිය නගර මධ්‍යයේ දී එළඹෙන ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ වදින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධාන මැතිවරණ ප්රචාරක රැළිය පැවැත්විණ.
එහිදී වේදිකාව තුළ පාක්ෂිකයන් ආරාධිතයත් ඇතුළු දහයකට ආසන්න හා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු රැඳී සිටියේ ය.
එමෙන්ම, වේදිකාවේ ඉදිරිපිට පනවා තිබුණු පුටුවල හය දෙනෙකු හසුන් ගෙන සිටි අතර අනකුත් සියලු පුටු හිස්ව තිබීමක් දක්නට ලැබිණ.
එමෙන්ම, වේදිකාවේ සිට මීටර 100ක පමණ දුරක සිට 100ක පමණ පිරිසක් රැස්වීම නැරඹීමට කටයුතු කිරීමක් ද මෙහිදී දැකගැනීමට හැකි විය.
තව ද, රැස්වීම සංවිධානය කර තිබුනු භූමියේ අවට පොලිස් නිලධාරින් 200 ක පමණ පිරිසක් මාර්ගවල හා උස් ගොඩනැගිලිවල ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.
මොකක් වෙයි ද කියලා බලන් හිටිය, ක්ලබ් වසන්ත ඝාතනය.. ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.. එතකොට බිරිඳට මොකද වුණේ?.
කෙසේ වෙතත්, සභාව ආමන්ත්‍රණය කරමින් ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ දූෂණයෙන් තොරව විනය ගරුක රටක් නිර්මාණය කිරීම එකම අපේක්ෂකයා වන තමන් සමග එක් වන ලෙස නුවරඑළිය ජනතාව ප්රමුඛ රටේ සියලු ජනයාට ඒකරාශි වන්නට ආරාධනා කරන බව ය.