ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

Report

ඊයේ (18) දිනයේ දී ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විණ.

ඒ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දී ය.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ය.

එම අවස්ථාව එක් වූ ආරක්‍ෂක ලේකම්වරයා අදහස් දක්වමින් කියා සිටියේ වර්තමානයේ සාම්ප්‍රදායික හමුදා අභියෝග මෙන්ම, සයිබර් ආරක්‍ෂාව හා සබැඳි තර්ජන, දේශගුණික විපර්යාස ගැටළු, ආර්ථික සුරක්‍ෂිතතාවය සහ තොරතුරු තාක්‍ෂණය ඔස්සේ යුද්ධය සමඟ ඡේදනය වන පරිවර්තනීය යුගයක ජීවත් වෙමින් සිටින බවයි.

හා හා පුරා කියලා.. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අදයි..

හා හා පුරා කියලා.. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අදයි..

එමෙන්ම, ඉන්දියන් සාගර කලාපය හරහා වැටි ඇති ගෝලීය සමුද්‍ර වාණිජ්‍යය සහ උපාය මාර්ගික තරඟකාරී මාර්ගයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇති බව ද ඒ මහතා පැවසීය.

ඒ අනුව රට හමුවේ ඇති ඉදිරි අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට සිතිය හැකි සහ නවීන ආරක්‍ෂක අභියෝගවල බහුමාන ස්වභාවය තේරුම් ගත හැකි හමුදා නායකයින් අවශ්‍ය බව ඔහු සඳහන් කළේ ය.

පැය 8කට වතුර කපයි.. මෙන්න මේ ප්‍රදේශවලට..

පැය 8කට වතුර කපයි.. මෙන්න මේ ප්‍රදේශවලට..

මේ අතර, එළඹෙන වසරේ සිට ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පැවැත්වෙන පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් අංශයේ නිලධාරීන්ට ද, දොරටු විවර වන බැවින් ඒ ඔස්සේ සැළකිය යුතු පරිවර්තනයකට ලක් වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

කෙසේ වෙතත්, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් 33 දෙනෙකුට සහ විදේශ නිලධාරීන් 08 දෙනෙකුට ආරක්‍ෂක ලේකම්වරයා විසින් උපාධි ප්‍රදානය කරනු ලැබිණ.