අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන්න - සජිත් ප්‍රේමදාස

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය පූර්ණ සහාය ලබා දෙන බව පවසයි.

6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා දුදරුවන් විශාල පිරිසක් අසරණවී ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කරේ,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළ ද එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බවයි.

මේ අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන් දූදරුවන් 6 වසරේ ප්‍රතිසංස්කරණ අපේක්ෂාවෙන් සිටියත් රජය එය කල් දැමීම නිසා මොවුන්ගේ බලාපොරොත්තු සුන්වී ඇති බවත් ඔහු කීය.

අගමැතිනි හරිනිව ගෙදර යවන්න ගෙනාපු විශ්වාසභංග යෝජනාවේ දැන් තත්ත්වේ මෙන්න

අගමැතිනි හරිනිව ගෙදර යවන්න ගෙනාපු විශ්වාසභංග යෝජනාවේ දැන් තත්ත්වේ මෙන්න

ඒ හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ සාකච්ඡා කර අසභ්‍ය දේවල් ඉවත් කර නැවත වරක් කඩිනමින් නිවැරදිව මේ වසරේම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා බලදාරීන්ට පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන්‌ සමඟ සාකච්ඡා කර ප්‍රගතිශීලි තීන්දුවක් ගන්නා ලෙසට ඔහු රජයට යෝජනා කරයි. මේ සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් සිදු කරන්නේ නම් විපක්ෂයේ ද අදහස් ඉදිරිපත් කිරීමට කැමති බවත් මේ ප්‍රතිසංස්කරණ නිවැරදි ලෙස ක්‍රියාත්මක කරන්න සහයෝගය ලබා දීමට කැමති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මහ පොළොව කැළඹෙයි - ප්‍රබල භූමිකම්පාවක්

මහ පොළොව කැළඹෙයි - ප්‍රබල භූමිකම්පාවක්