අගමැතිනි හරිනිව ගෙදර යවන්න ගෙනාපු විශ්වාසභංග යෝජනාවේ දැන් තත්ත්වේ මෙන්න
තොරතුරු වාර්තා වන ආකාරයට සමගි ජන බලවේගය (සජබ) ප්රමුඛ විපක්ෂය මගින් අධ්‍යාපන අමාත්‍යවරිය මෙන්ම අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව මේ වන විට පසෙකට තල්ලු වී ඇත.
නමුත් විපක්ෂයේ එක් පාර්ශ්වයක් විශ්වාසභංග යෝජනාව කඩිනමින් ගෙන ආ යුතු බවට පවසන අතර තවත් පාර්ශ්වයක් එය ඉදිරිපත් කිරීමට මෙය සුදුසු කාලය නොවන බව පැවසීම මෙම ප්‍රමාදයට හේතුව බව වාර්තා වේ.
මොඩියුල සිද්ධිය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ විවිධ චෝදනා පදනම් කර ගනිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකගේ අත්සන් ද ලබාගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කළේය.
නමුත් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායකයෙකුගෙන් කළ විමසීමකදී, විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තවමත් නිශ්චිත දිනයක් යොදාගෙන නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.