අද මුහුණට මුහුණ විවාදයට සජිත් සහ නාමල් එයි..අනුර සහ රනිල් බැහැ කියයි..

Report

රට ගොඩගන්නේ කෙසේද යන මාතෘකාව යටතේ මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ජනපති අපේක්ෂක විවාදය අද (07) පස්වරුවේ ආරම්භවීමට නියමිතව තිබෙනවා.

දින 3 ක් පුරා පැවැත්වෙන ජනාධිපති අපේක්ෂක විවාදයේ මුල් දිනයේදී අපේක්ෂකයන් හයදෙනෙකුට ආරාධනා කර තිබුණද, ඊයේ පස්වරුව වනවිටත් ඒ සඳහා කැමැත්ත පළ කර තිබුණේ ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් පමණයි.

හෙට මුළු ලංකාවටම විශේෂ දිනයක් වෙයි.. හේතුව මෙන්න.

හෙට මුළු ලංකාවටම විශේෂ දිනයක් වෙයි.. හේතුව මෙන්න.


මෙම විවාදය සඳහා ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ආරාධනා කර තිබුණද, ඊට එක්විය නොහැකි බවයි ජනාධිපතිවරයා ලිඛිතව දැනුම්දී ඇත්තේ.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ, අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුව වනවිටත් විවාදයට සහභාගි වන බවට තහවුරු කර නොතිබුණු බවයි.

ඒ අනුව මෙම විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පස්වරු 3.00 සිට 5.00 දක්වා පැය දෙකක කාලයක් පැවැත්වෙනු ඇති.

මේ අතර,පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, මෙම විවාදයේදී ඊට සහභාගි වන ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රශ්න 06 ක් යොමුකරන බවයි.