හෙට මුළු ලංකාවටම විශේෂ දිනයක් වෙයි.. හේතුව මෙන්න.

Report

ජනාධිපතිවරණයට අදාළව හෙට විශේෂ දිනයක් ලෙස නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හරින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ලබන 11, 12, 13 සහ 14 යන දිනවලදී ද ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදාහරින බවයි, කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

සමාජ මාධ්‍ය භාවිතා කරන අයට රතු එළියක්..Facebook භාවිතා කරනවනම් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

සමාජ මාධ්‍ය භාවිතා කරන අයට රතු එළියක්..Facebook භාවිතා කරනවනම් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..


මේ අතර, ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිතය 80% ක් පමණ වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 95% ක් පමණ භාවිතා කර ඇති බවත්, අදාළ කාලය තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා සදහන් කළා.