ඉෂාරා සෙව්වන්දි ගැන පූර්ණ වාර්තාවක් අධිකරණයට ලබා දීමට නියෝග

Report

ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සහ අනුබල දීමේ චෝදනා මත රඳවා තබාගෙන සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කර පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද නියෝග කර ඇත.

මෙම නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කෙරුණු අතර, එහිදී අනාවරණය වූයේ එක් සැකකාරියක් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේත් අනෙක් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත් පසුවන බවයි.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

මෙහිදී 15 වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතියක් අධිකරණයට දක්නට නොලැබෙන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, පුද්ගලයින් රඳවා තබාගෙන සිටීමෙන් පමණක් පලක් නොවන බවත් විමර්ශන කටයුතු අවසන් කර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් අවධාරණය කළේය .

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ.

සෙවන්දිගේ උපන්දිනේට කේක් කපන්න සියල්ල ලෑස්තිකරදුන් OIC ට වැඩ වරදියි - කරන්න යන දේ මෙන්න

සෙවන්දිගේ උපන්දිනේට කේක් කපන්න සියල්ල ලෑස්තිකරදුන් OIC ට වැඩ වරදියි - කරන්න යන දේ මෙන්න