සෙවන්දිගේ උපන්දිනේට කේක් කපන්න සියල්ල ලෑස්තිකරදුන් OIC ට වැඩ වරදියි - කරන්න යන දේ මෙන්න

Report

කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) තුළ රඳවා සිටින සැකකාරියකගේ උපන්දින සාදයක් පැවැත්වීමට අවසර ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා සඳහන් කළේ, ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මහතා මෙලෙස පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත මාරු කර යවා ඇති බවයි.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

ගනේමුල්ල සංජීව නැමති පාතාල කල්ලි නායකයාගේ ඝාතන සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියගේ 27 වන උපන්දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් කපා කොට්ඨාසය තුළම සැමරීමට සූදානම් කර තිබිණි.

මේ පිළිබඳව කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ ඒ මහතා, අපරාධ කොට්ඨාසය වටලා අදාළ සාදය වළක්වා තිබේ.

ඉන්ධන මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය - මේ ඉන්ධනවල මිල පහළට?

ඉන්ධන මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය - මේ ඉන්ධනවල මිල පහළට?

මෙම විනය විරෝධී සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.