සොහොන් පිටියක් වූ කියෙව් නගරයේ ඛේදවාචකය - සුන්බුන් අතර මළසිරුරු 16 ක් - 100ට වැඩි පිරිසකට තුවාල
රුසියාව එක රැයකින් කියෙව් සහ අනෙකුත් යුක්රේන නගරවලට එරෙහිව ඩ්‍රෝන යානා සිය ගණනක් සහ මිසයිල දුසිම් ගණනක් දියත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. එසේම තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව බලධාරීන් අද(02) දින දන්වා ඇත.
මෙම හානිය හේතුවෙන් මහල් නිවාස ගොඩනැගිලිවල සුන්බුන් යට පුද්ගලයින් කිහිප දෙනෙකු සිරවී සිටි බව පවසයි.
එරට බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සුන්බුන් හාරන හදිසි කණ්ඩායම් මධ්‍යම යුක්රේනයේ නගරයක් වන ඩිනිප්‍රෝ හි, අවුරුදු 3 ක දරුවෙකුගේ සහ මවකගේ සහ ඇගේ අවුරුදු 8 ක පුතෙකුගේ මළ සිරුරු පිටතට ගත් බවයි.
මැද පෙරදිග නොනවතින යුද උණුසුම තවමත් - යුක්රේනය පුරා නගරවලට එල්ල වූ දැවැන්ත රුසියානු ප්‍රහාරයකින් පුද්ගලයින් නව දෙනෙකු මිය යයි
එමෙන්ම රුසියාව එල්ල කළ ප්‍රහාරය රාත්‍රියේ සිට දහවල් දක්වා ඇදී ගිය අතර නගර පුරා පිපිරීම් ඝෝෂා පැතිර ගිය බව සඳහන්.
කෙසේ වෙතත් රුසියාව දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමෙන් සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට යුක්රේන අගනුවරින් පිටව යන ලෙස අනතුරු ඇඟවීමෙන් පසු දින ගණනාවක් තිස්සේ කියෙව් වැසියන් කැළඹී සිටිය බව වාර්තා වේ.