ආයේ යුද්ධේ නිසා ලංකාවට බය වෙන්න දෙයක් නෑ - ලෝකෙම පුදුම කරමින් රුසියාව ලංකාවට දුන්න පොරොන්දුව
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණදීමට සිදුවන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහය වීමට රුසියාව සූදානම් බව මෙරට පැමිණ සිටින එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ජනාධිපතිවරයා හමුවේ පවසා ඇති බව සඳහන්.
ඒ අනුව ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා මුණ ගැසී තිබූ අතර එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, බලශක්ති ක්ෂේත්රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහය වීමට සූදානම් බවයි.
එමෙන්ම මෙම සාකච්ඡාවට පෙර රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් අමාත්‍යවරුන් වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කුමාර ජයකොඩි ඇතුලු පිරිසක් සමඟ ද සාකච්ඡා පවත්වා තිබෙනවා.
එම අවස්ථාවේදී පිරිපහදු කළ රුසියානු ඉන්ධන මෙරටට ලබාදීමට ඔහු එකඟත්වය පළ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසා ඇත.