ජනපති සහ රුසියානු බලශක්ති නි. ඇමති අතර හමුව පස්වරුවේ
දිවයිනට පැමිණ සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සුදානම් වේ.
විශේෂයෙන්ම ඉන්ධන සැපයුම, බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ දෙරට අතර දීර්ඝකාලීන හවුල්කාරිත්වය සඳහා ඇති නව අවස්ථා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාව අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
ගෝලීය වෙළෙඳපොළේ බලශක්ති තත්ත්වයන් වේගයෙන් වෙනස් වෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට මෙම සංචාරය කදිම අවස්ථාවක් වනු ඇත.