රුසියාවෙන් ලංකාවටම සුබ ආරංචියක් - ආයේ තෙල් ප්‍රශ්න නෑ මෙන්න දීපූ විසදුම

Report

ශ්‍රී ලංකාවේ පවතින බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට රුසියාව සිය එකඟතාව පළ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව දැනට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

මෙම එකඟතාවය අනුව ඉදිරි කාලසීමාව තුළ රුසියාවේ සිට පිරිපහදු කරන ලද පෙට්‍රල් සහ ඩීසල් තොග මෙරටට ගෙන්වීමට නියමිත බව සඳහන්.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

රුසියාව වැනි ලොව ප්‍රමුඛතම බලශක්ති නිෂ්පාදකයෙකුගෙන් සෘජුවම පිරිපහදු කළ ඉන්ධන ලබාගැනීමට හැකි වීම, මෙරට පවතින ඉන්ධන පෝලිම් අවසන් කිරීමටත්, බලශක්ති ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ඇති කිරීමටත් ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විශේෂයෙන්ම ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාව සමඟ මෙවැනි ද්විපාර්ශ්වික ගනුදෙනුවකට එළඹීම ආර්ථික වශයෙන් ද වාසිදායක වනු ඇත.

ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ට්‍රම්ප්ද? අමුතු ප්‍රකාශයක් එළියට

ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ට්‍රම්ප්ද? අමුතු ප්‍රකාශයක් එළියට