ලංකාවේ ඩීසල් ප්‍රශ්නේ උඩු දුවයි - ජනපතිට විශේෂ ලිපියක්
රුසියාව විසින් සහනදායී කොන්දේසි යටතේ මෙරටට ඛනිජ තෙල් ලබා දීමට කැමැත්ත පළ කර තිබියදීත්, රජය එම අවස්ථාව මගහරිමින් සිටින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා නඟයි.
ඒ අනුව මේ බව අවධාරණය කරමින් එම සංවිධානයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.
අඳාළ ලිපියෙහි රුසියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර සෘජු ගනුදෙනුවක් වශයෙන් සහන ණය පදනම මත ඩීසල් බැරලයක් ඩොලර් 150-160ත් අතර මිලකට ලබා ගැනීමට හැකියාව පවතින බව සඳහන්.
එහෙත් එවැනි පසුබිමක ඉන්දියානු සමාගමකින් ඩීසල් බැරලයක් ඩොලර් 286ක් වැනි ඉහළ මිලකට ඩීසල් මිල දී ගැනීම ගැටලු සහගත බව එම ලිපියෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
එසේම එම සංවිධානය අවධාරණය කරන්නේ බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින බ්‍රිතාන්‍ය වැනි රටවල සහය පැතීමට වඩා, දැනටමත් සහන මිලට තෙල් සැපයීමට ඉදිරිපත් වී සිටින රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡා කිරීම බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රමුඛ කාර්යය විය යුතු බවත් ෂීෂෙල්ස් රාජ්‍යය පවා රුසියාවෙන් සහන මිලට තෙල් ලබා ගැනීමට සමත්ව ඇති පසුබිමක, ශ්‍රී ලංකාව එම මිත්‍රත්වයේ දෑත් ප්‍රතික්ෂේප කිරීම ජාතික අපරාධයක් බවත් ය.
එබැවින් පටු දේශපාලනික හෝ නිලධාරිවාදී බාධාවන් පසෙකලා, ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත රුසියාවෙන් සහන මිලට තෙල් ලබා ගැනීමට වහාම කටයුතු කරන මෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් අඳාළ ලිපිය මඟින් ඉල්ලා ඇත.
බිලියන 1.1ක මත්ද්‍රව්‍ය ජාවාරමට සිවුරු ඇන්දවූයේ කවුද? භික්ෂූන් 22කගේ සිද්ධිය ගැන අද තීරණාත්මක හමුවක්
නිතර කෝල් මැසේජ් දාලා හිංසා කළොත් වෙන අයගේ අංක අකැමැත්තෙන් ප්‍රසිද්ධ කළොත් වැඩ වරදියි - මේ නීතිය ගැන දැනගන්න
