චරිත් අබේසිංහ මාස 02කට කළින් අප පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා එක්ක.. මේ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයි - ජවිපෙන් නිවේදනයක්
සමගි ජන බලවේගය විසින් ඊයේ (26) දින පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු කොට ඇති බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ඒකකය මඟින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව එම නිවේදනයෙහි දැක්වෙන්නේ මෙම මාධ්‍ය හමුවේදී ඔහු විසින් 25 වන දිනයේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහ නම් පුද්ගලයාට මාස 02කට පෙර අප පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවත් සඳහන් කළ බවයි.
එහෙත් අඳාළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බවත් එබඳු ප්‍රකාශයක් පාතාල සබඳතා හා බැඳුණු අල්ලස් සිදුවීම හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබල වී ඇත්ද යන්න හා බංකොලොත් වී ඇත්ද යන්න පෙන්වා දෙන බවත් දක්වා ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට - හේතුව මෙන්න
එසේම අනෙක් අතට වරුණ රාජපක්ෂ නැමැත්තා ලවා මෙබඳු අතේ රෝලක් මාධ්‍ය හමුවේ කියවීමට තරම් නිවට තත්ත්වයකට සමගි ජන බලවේගය වැනි පක්ෂයක් වැටී තිබීම කණගාටුදායක බව අඳාළ නිවේදනයේ දක්වා ඇත.
එමෙන්ම වෙනත් පක්ෂවලට විවිධ වුවමනාකම් මත පසුබිම නොසලකා පුද්ගලයින් එකතු කර ගැනීමට අවශ්‍ය වුවද අපරාධකරුවන් අප පක්ෂයට හෝ ආණ්ඩුවට එකතු කර ගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මෙබඳු සාවද්‍ය ප්‍රකාශ කොට ඇතැමුන් අපරාධමය සිදුවීම්වලට ලැබිය යුතු සමාජ අවධානය වෙනත් අතකට යොමු කිරීමට සහ අපරාධකරුවන්ට සුදුහුණු ගෑමට දරන උත්සාහයද නිෂ්ඵල බවත් එහි සඳහන්.
කෙසේ වුවද මෙම තත්ත්වය තුළ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීමට සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩිව හෙළා දකින අතර මෙම සාවද්‍ය ප්‍රකාශයන් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද එහි අවධාරණය කර තිබෙනවා.
ලංසාගේ කුඩු ටික වටලද්දි මහින්ද තමයි ගිහිල්ලා බේරගෙන උම්මා දුන්නේ.. මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඩ් ෆාදර්ලගේ වර්තමාන පුරුක නාමල් - නි. ඇමති මහින්ද
අඳාළ නිවේදනය පහතින්,