ඔබේ බැංකු ගිණුම අනතුරේ? ව්‍යාජ ඊමේල්වලින් බේරෙන්න පොලිසිය දුන් රන්වන් උපදෙස් මෙන්න

By Kanchana Jun 27, 2026 05:03 AM GMT
Report

බොහෝ දෙනෙක් හදිස්සියේ ඊමේල් විවෘත කරන අතර, එම කලබලය නිසා වංචනික (Scam) ඊමේල්වලට ගොදුරු වන අවස්ථා බහුලව දක්නට ලැබේ.

ඒ හේතුවෙන් සැකසහිත ඊමේල් පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, එවැනි වංචනික පණිවිඩවලට නොරැවටෙන ලෙසත් පොලිසිය මහජනතාවට උපදෙස් ලබා දී ඇත.

ඊමේල් පණිවිඩයක් ලැබුණු විගස කලබල වී එහි ඇති Link එක ක්ලික් කිරීමට පෙර, පළමුව එම ඊමේල් එක එවා ඇත්තේ කවුරුන්දැයි Sender ගේ ඊමේල් ලිපිනය හොඳින් පරීක්ෂා කරන්න.

ඔබට පෙනෙන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ අදාළ බැංකුවේ හෝ ආයතනයේ නිල ඊමේල් ලිපිනයක්ද? නැතිනම් අමුතු අක්ෂර, අසාමාන්‍ය වචන හෝ වෙනස් ඩොමේන් නාමයක් භාවිත කර ඇති ව්‍යාජ ලිපිනයක්ද?

සැකයක් ඇති නම් කිසිවිටෙකත් Link එක ක්ලික් නොකර, අදාළ බැංකුව හෝ ආයතනයේ නිල දුරකථන අංකය හරහා සම්බන්ධ වී එහි සත්‍යතාව තහවුරු කර ගැනීම වඩාත් ආරක්ෂිත ක්‍රමයයි.


ආයුර්වේදයේ මහිමය ලොවක් දිනයි - 2026 වසරේ හොඳම සුවතා ගමනාන්තය ශ්‍රී ලංකාවයි

ආයුර්වේදයේ මහිමය ලොවක් දිනයි - 2026 වසරේ හොඳම සුවතා ගමනාන්තය ශ්‍රී ලංකාවයි

Gallery