රට යන්න හීන දකින අය ප්‍රවේශමෙන් - විදේශ රැකියා සිහින පෙන්වා විශාල මුදලක් වංචාක් - කාන්තාවක් අත්අඩංගුවට
By Malith Madushan
විදෙස් රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වංචා කළ බවට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම සැකකාරිය විදෙස් රැකියා සලසා දෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කර ඇති බවට හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව, ඊයේ (26) පෙරවරුවේ අළුබෝමුල්ල පොලිස් බලප්‍රදේශයේ සිදු කළ විමර්ශන මෙහෙයුමකදී අදාළ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 41ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.