"මා ඉන්ටි බංගාරම්" වාර්තා තබද්දී, සමන්තා මව් පදවියට සැරසෙයි

Report

නිළි සමන්තා රූත් ප්‍රභූ මීට පෙර තෙළිඟු නළු නාග චෛත්‍ය සමඟ ආදරයෙන් විවාහ වී සිටි අතර, පසුව ඇති වූ මතභේදයන් හේතුවෙන් ඔවුන්ගේ විවාහය අවසන් වූ බව වාර්තා විය. එමෙන් පසු වසර කිහිපයකට පසු ඇය බොලිවුඩ් අධ්‍යක්ෂ රාජ් නිදිමෝරු සමඟ විවාහ වූ බවද සඳහන් වේ. රාජ් නිදිමෝරු ද මීට පෙර විවාහ වී දික්කසාද වූ අයෙකි.

මේ අතර සමන්තා මේ වන විට “මා ඉන්ටි බංගාරම්”චිත්‍රපටයේ නිෂ්පාදනය සහ රංගනයට එක්ව සිටී. මෙම චිත්‍රපටය තෙළිඟු ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලබා ඇති අතර ආදායම් වාර්තා ද ලබා ගනිමින් පවතී.

රසිකයින් මවිත කරමින් සමන්තා ගැබිනියක් බව තහවුරු වෙයි - දරුවා ලැබෙන දිනයත් මෙන්න

රසිකයින් මවිත කරමින් සමන්තා ගැබිනියක් බව තහවුරු වෙයි - දරුවා ලැබෙන දිනයත් මෙන්න

චිත්‍රපට ප්‍රවර්ධන කටයුතු සඳහා ඇය සහභාගී වූ අවස්ථාවක, පශ්චාත් නිකුතු උත්සවයේදී ඇය මාස තුනක ගැබ්ගෙන සිටින බවට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති විය.

පසුව හයිද්‍රාබාද්හි පැවති “මා ඉන්ටි බංගාරම්” චිත්‍රපට සාර්ථකත්ව උත්සවයේදී ඇය ඒ පිළිබඳව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. එහිදී ඇය කියා සිටියේ කෙටි විවේකයක් ගන්නා බවත්, ඉන් පසු නැවත කටයුතු ආරම්භ කරන බවත්, මේ අවස්ථාවේ මාතෘ නිවාඩුවක් ගැනීමට අවශ්‍ය බවත්ය. ඇය මේ මොහොතේ ඉතා සතුටින් සිටින බවද සඳහන් කර ඇත.

මෙම ප්‍රකාශයත් සමඟ ඇය ගැබ්ගෙන ඇති බවට පළ වූ කතාබහ තවදුරටත් අවධානයට ලක්ව තිබේ.