නීතීඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ රක්ෂිත බන්ධනාගාරයට

Report

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ජූලි 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් අද දිනයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සම්බන්ධ විමර්ශනවලට අදාළව අල්ලස් ඉල්ලීමක් සිදුවූ බවට ඇති චෝදනාවක් පදනම් කරගෙනය.

අත්අඩංගුවට පත් චරිත් අබේසිංහට සජබයෙන් විනය පරීක්ෂණයක්

අත්අඩංගුවට පත් චරිත් අබේසිංහට සජබයෙන් විනය පරීක්ෂණයක්

අල්ලස් කොමිසමේ විමර්ශනවලට අනුව, 2023 මාර්තු මාසයේදී සැකකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍යයට ගොස් “හරක් කටා”ගේ බිරිඳ සහ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු හමුවී ඇති බවටත්, එහිදී විමර්ශන ලිහිල් කරදීමට සහ රැඳවුම් නියෝග වෙනස් කරදීමට කටයුතු කරන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවත් සඳහන් වේ.

පසුව එම මුදල රුපියල් කෝටි 20 දක්වා අඩු කර, අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක් සහ පසුව තවත් රුපියල් කෝටි 2ක් ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ. එම මුදල් උණ්ඩියල් ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ඇති බවටද තොරතුරු වාර්තා වේ.

හරක් කටාගේ බිරිඳ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ මැද සිද්ධ වුණු රහසිගත දුරකථන ඇමතුම ලීක් වෙයි

හරක් කටාගේ බිරිඳ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ මැද සිද්ධ වුණු රහසිගත දුරකථන ඇමතුම ලීක් වෙයි

අද පෙරවරුවේ සැකකරුවන් නිවෙස්වලදී අත්අඩංගුවට ගත් අල්ලස් කොමිසම, පැය අටකට ආසන්න ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අධිකරණය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ඔවුන් ජූලි 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.