පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයි [LIVE]

Report

අද දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.

අද පෙරවරු 11.30 සිට පස්වරු 2.00 දක්වා ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ අංක 2478/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිතය.

පසුව ඊයේ ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳ කල් තැබීමේ යෝජනාව පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා තවදුරටත් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

එහි සජීවි දර්ශන පහතින්,