බිලියන 1.1ක මත්ද්‍රව්‍ය ජාවාරමට සිවුරු ඇන්දවූයේ කවුද? භික්ෂූන් 22කගේ සිද්ධිය ගැන අද තීරණාත්මක හමුවක්

Report

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ භික්ෂූන් වහන්සේලා 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍යාංශය අද (28) මහානායක හිමිවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

සියම්, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්ට අයත් මහානායක හිමිවරුන් සමඟ මෙම හමුව පැවැත්වෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. සේනාධීර මහතා සඳහන් කළේය.

චීවරයේ ගෞරවය කෙළසූ චීවරධාරීන්ට කරන දේ මහජන ආරක්ෂක ඇමති කියයි

චීවරයේ ගෞරවය කෙළසූ චීවරධාරීන්ට කරන දේ මහජන ආරක්ෂක ඇමති කියයි

පසුගිය 26 වන දින තායිලන්තයෙන් පැමිණි භික්ෂූන් වහන්සේලා 22 දෙනා ගමන් මලු තුළ සඟවාගෙන ‘කුෂ්’ සහ ‘හෑෂ්’ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට ආසන්න ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 1.1 කට අධික බවට ගණන් බලා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවා තබාගෙන විමර්ශන සිදු කිරීමට නියෝග කර ඇත.

මත්ද්‍රව්‍ය එක්ක කොටුවුණ හාමුදුරුවරු 22 ගැන ඥානසාර හිමි කියූ දේ

මත්ද්‍රව්‍ය එක්ක කොටුවුණ හාමුදුරුවරු 22 ගැන ඥානසාර හිමි කියූ දේ

එමෙන්ම, අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා 22 දෙනාගෙන් 20 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට අධිකරණයට වාර්තා වී ඇත.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන තවත් භික්ෂුවක් මීගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දීද මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇත.

විමර්ශනවලින් හෙළි වී ඇත්තේ තායිලන්තයට ගමන් කිරීම සම්බන්ධීකරණය කිරීම සහ වට්ස්ඇප් හරහා සම්බන්ධතා පවත්වාගෙන යාම මෙම සැකකරු විසින් සිදු කර ඇති බවයි. මේ පිළිබඳ අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වන අතර, බලගතු හෝ සාමාන්‍ය වේවා වෙනසකින් තොරව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සිවුරුධාරීන් 22කට වැඩ වරදී - දින 7ක රැඳවුම් නියෝග

කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සිවුරුධාරීන් 22කට වැඩ වරදී - දින 7ක රැඳවුම් නියෝග

ඒ සමඟම, මහානායක හිමිවරුන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වන්නේ භික්ෂූන්ට සමාජයෙන් හිමිවන ගෞරවය අනිසි ලෙස භාවිතා කරමින් නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් “ව්‍යාජ භික්ෂූන්” ලෙස සැලකිය යුතු බවයි. එවැනි අය වෙත දැඩි දඬුවම් ලබා දිය යුතු බවද එහි අවධාරණය කර ඇත.

මහානායක හිමිවරුන්ගේ මඟපෙන්වීම සහ උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.