රිමාන්ඩ් කරපු රඛිතට රෑට හුස්ම හිර වෙද්දි චරිත්ට හෘද රෝග.. දෙන්නට ඇප ඉල්ලද්දි හිටපු අමාත්‍ය විජේදාසත් කොටු වෙයි.. අල්ලස් ගමනෙදි ඔහුත් ප්ලේන් එකේ

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා රැඳවුම් නියෝග මත පසුවන ස්ථානයෙන් වෙනස් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන මස 03 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ(25) දින නියෝග කර තිබුණා.

එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ (සජබ) හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ අරුණ ශ්‍රී වතුරංග යන අයයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

අත්අඩංගුවට පත් චරිත් අබේසිංහගේ පට්ටම ගැලවෙයි - වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් නෙරපීමට නිවේදනයක්

අත්අඩංගුවට පත් චරිත් අබේසිංහගේ පට්ටම ගැලවෙයි - වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් නෙරපීමට නිවේදනයක්

අධිකරණයේදී හෙළි වූ කරුණු අනුව, මෙම දැවැන්ත අල්ලස් මුදල සැකකරුවන් වෙත ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා මුදලින් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාවිත කරන ‘ඩිරාම්’ මුදලින් බව සඳහන්.

ඒ අනුව ඩුබායි රාජ්‍යයේ වෙසෙන නිර්මල බණ්ඩාර හෙවත් ‘හර්බි’ නැමැති පුද්ගලයා ඔස්සේ මෙම කටයුත්ත සම්බන්ධීකරණය වී ඇති අතර, 2023 වසරේ මාර්තු මස 23 වැනි දින මෙම සැකකරුවන් තිදෙනා ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

පසුව එහිදී හර්බි නැමැත්තාගේ නිවසේදී ඔවුන් ‘හරක් කටා’ නැමැති පාතාල සාමාජිකයාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති සහ දැනට අත්අඩංගුවේ පසුවන මිදිගම රුවන් යන අය හමුවී සාකච්ඡා පවත්වා ඇත.

එම අවස්ථාවේදී සැකකරුවන් විසින් මුලින්ම රුපියල් කෝටි 50 ක මුදලක් ඉල්ලා ඇති බවත්, අනතුරුව සාකච්ඡා මාර්ගයෙන් එය කෝටි 30 දක්වාත්, අවසානයේ එය කෝටි 20 දක්වාත් අඩු කර ඇති බවත් වාර්තා වේ.

නීතීඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ රක්ෂිත බන්ධනාගාරයට

නීතීඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ රක්ෂිත බන්ධනාගාරයට

එසේම එම මුදලින් කෝටි 12 ක මුදලක් අත්තිකාරම් වශයෙන් ඉල්ලා ඇති අතර, ඒ අනුව එක් දිනකදී කෝටි 10 ක් සහ ඊට පසු දින තවත් කෝටි 2 ක් වශයෙන් ඩිරාම්වලින් මෙම මුදල ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම අල්ලස් මුදල ලබා ගැනීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ රැඳවුම් භාරයේ සිටින හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, ඔහුට පනවා ඇති රැඳවුම් නියෝග ඉවත් කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කරවා ගැනීම සහ විමර්ශන කටයුතුවලින් නිදහස් කර දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම උදෙසායි.

එමෙන්ම ඩුබායි හිදී ලබාගත් කෝටි 12 ක මුදල මෙරටට ගෙන්වා ගැනීමට තෙවැනි සැකකරු වන අරුණ වරුණ හැන්දිගේ විසින් ‘උණ්ඩියල්’ ක්‍රමය භාවිත කර තිබෙන බවත් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

රටම කැළඹූ භෞත චිකිත්සකවරියගේ ඝාතකයා අල්ලන්න දියණියගෙන්ම උදව් - අනියම් බිරිඳ බාල සහෝදරියගේ වේසෙන් කෙල්ලෝ ජෝඩු කරලා - කරපු සියල්ල වමාරයි

රටම කැළඹූ භෞත චිකිත්සකවරියගේ ඝාතකයා අල්ලන්න දියණියගෙන්ම උදව් - අනියම් බිරිඳ බාල සහෝදරියගේ වේසෙන් කෙල්ලෝ ජෝඩු කරලා - කරපු සියල්ල වමාරයි

ඒ අනුව මෙම සැකකරුවන් තිදෙනා 2023 මාර්තු 29 වැනි දින එකම ගුවන් යානයකින් නැවත මෙරටට පැමිණ ඇති අතර, මෙම සංචාරය සඳහා රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අධිකරණ අමාත්‍යවරයා ද සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබෙන බැවින් ඒ පිළිබඳව ද වැඩිදුර පරීක්ෂණ පවත්වන බවට සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය සඳහන් කළ බවත් වාර්තා වේ.

තවද මෙම අල්ලස් මුදල් මෙරටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව සැකකරුවන් විසින් සුවිශේෂී පරිභෝජන රටාවක් පෙන්වා ඇති බව ද විමර්ශනවලදී හෙළි වූ බව සඳහන්.

එහිදී තෙවැනි සැකකරු වන අරුණ වරුණ හැන්දිගේ විසින් 2024 වසරේදී ‘බී.එම්.ඩබ්ලිව්.’ වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන ඔහුගේ නිවස ද ඉහළ මට්ටමකින් අලුත්වැඩියා කර තිබීම, පළමු සැකකරු වන චරිත් අබේසිංහ 2024 වසරේදී ‘රේන්ජ් රෝවර්’ වර්ගයේ අති සුඛෝපභෝගී ජීප් රථයක් මිලදී ගෙන කහතුඩුව ප්‍රදේශයේ නවීන පන්නයේ නිවසක් ඉදිකරමින් පවතින බවත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල දැක්වෙන බව පවසයි.

ඒ අනුව නඩු විභාගයේදී පැමිණිල්ල සඳහා කරුණු දැක්වූ අල්ලස් කොමිසම ප්‍රකාශ කර සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිර්මල බණ්ඩාර හෙවත් හර්බි සහ මිදිගම රුවන් යන අය විසින් ප්‍රකාශ සහ දිවුරුම් ප්‍රකාශ ලබා දී තිබෙන බවයි.

තවද, මෙම ගනුදෙනුව සම්බන්ධ හඬ පටයක් ද ලැබී තිබෙන අතර එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවත් සඳහන්.

ඒ අනුව සැකකරුවන්ට ඇප ලබා දීමට දැඩි ලෙස විරුද්ධ වූ පැමිණිල්ල, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව ද පෙන්වා දී ඇත.

එහිදී විශේෂයෙන්ම, මෙම සිද්ධිය මුලින්ම අනාවරණය කළ යූටියුබ් නාලිකාවකට එරෙහිව හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැමිණිලි කර ඔන්ලයින් පනත යටතේ නඩු පවරා තිබීම ඔස්සේ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බව ද පැමිණිල්ල එහිදී තහවුරු කර ඇත.

රියදුරු පාසල්වලට පොලිසියෙන් දැඩි නියෝගයක්- උපදේශකයින්ට බලපත්‍ර නැත්නම් වැඩ වරදියි

රියදුරු පාසල්වලට පොලිසියෙන් දැඩි නියෝගයක්- උපදේශකයින්ට බලපත්‍ර නැත්නම් වැඩ වරදියි

කෙසේ වුවද රඛිත රාජපක්ෂ සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා තර්ක කළේ සැකකරුගේ පියා දේශපාලනඥයෙකු වීම සහ රජය විවේචනය කිරීම නිසා මෙම දේශපාලන පළිගැනීම සිදුව ඇති බවයි.

එමෙන්ම නඩු විභාගය අතරතුර සැකකරුවන් සඳහා පෙනී සිටි නීතිඥවරුන් විසින් ඔවුන් මුහුණ දී සිටින බරපතළ සෞඛ්‍ය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ද අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

ඒ අනුව රඛිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා නින්දේදී හුස්ම සිරවීමේ රෝගී තත්ත්වයක් වන 'ස්ලීප් ඇප්නියා' (Sleep Apnea) රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳින්නෙක් බවත් චරිත් අබේසිංහ මහතා සඳහා පෙනී සිටි නීතිඥවරයා, තම සේවාදායකයා දීර්ඝ කාලීන හෘද රෝගියකු බවත් සඳහන් කළා.

එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඔහුට මේ වනවිටත් හෘද සැත්කම් මඟින් 'ස්ටෙන්ට්' (Stent) 3ක් බද්ධ කර ඇති අතර, තවත් 'ස්ටෙන්ට්' 5ක් බද්ධ කිරීමට නියමිතව ඇති බවයි. තවද වයස අවුරුදු 60ක පමණ පුද්ගලයකුට වැළඳිය හැකි සියලුම ආකාරයේ රෝගාබාධයන්ට අවාසනාවන්ත ලෙස ඔහු ගොදුරු වී සිටින බව ද නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ අල්ලස් පනතේ හෝ නව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ සහතිකයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක සැකකරුවන්ට ඇප දීමට සුවිශේෂී හේතු ඉදිරිපත් විය යුතු බවයි.

එබැවින් සැකකරුවෙකු නීතිඥවරයෙකු වීම හෝ සාමාන්‍ය රෝගී තත්ත්වයන් පැවති පමණින් එය ඇප ලබා දීමට වන සුවිශේෂී කරුණක් නොවන බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන් අතර නීතිඥවරුන් වීම හේතුවෙන් බන්ධනාගාරය තුළ ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් සලසන මෙන් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇත.

ඒ අනුව ලබන මස 3 වැනි දින විමර්ශනවල ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කරමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

හෝමූස් යළි ඇවිලෙයි.. නාවිකයින් 11,000 ක් සිටි නෞකාවකට ප්‍රහාර - UN එකත් සැලසුම් සියල්ල අත්හිටුවයි

හෝමූස් යළි ඇවිලෙයි.. නාවිකයින් 11,000 ක් සිටි නෞකාවකට ප්‍රහාර - UN එකත් සැලසුම් සියල්ල අත්හිටුවයි