රටම බලා සිටි පුවත ගැන NDB බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Report

ජාතික සංවර්ධන බැංකුව (NDB) තුළ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන වෝහාරික සමාලෝචනයක අතුරු වාර්තාවක් එම බැංකුව වෙත ලැබී ඇති බව නිවේදනය කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙම විගණන කටයුතු සිදු කරනු ලබන්නේ 'ඩෙලොයිට් ටූෂ් ටෝමාට්සු ඉන්දියා' (Deloitte Touche Tohmatsu India LLP) නම් ආයතනය මඟින් වන අතර එම වාර්තාවේ සඳහන් කරුණු, මූලික සහ දර්ශක මට්ටමේ පවතින බවත්, වාර්තාවේ රහස්‍යභාවය ගිවිසුම අනුව සුරකින බවත් ජාතික සංවර්ධන බැංකුව අදාළ නිවේදනය ඔස්සේ සඳහන් කර ඇති බව සඳහන්.

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන මස 8 වැනි දින දක්වා ශිෂ්‍යත්ව විභාගයේ මේ කටයුතු සඳහා අයදුම්පත් කැඳවයි

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන මස 8 වැනි දින දක්වා ශිෂ්‍යත්ව විභාගයේ මේ කටයුතු සඳහා අයදුම්පත් කැඳවයි

කෙසේ වුවද මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණ අනුව, අදාළ සැකකටයුතු ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් 13,579,664,684/- (රුපියල් බිලියන 13.5කට අධික) ක් බවත් එම බැංකුව අනාවරණය කරයි.

එසේම මෙම සිදුවීමට අදාළව ජාතික සංවර්ධන බැංකුව මඟින් මීට පෙර අප්‍රේල් 2, 6 සහ 23 යන දිනවලදී ද කොටස් වෙළඳපොළට තොරතුරු වාර්තා කර තිබුණා.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය පරිදි වැඩිදුර තොරතුරු ලබා දෙන බවයි එම බැංකුව අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කරයි.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

Gallery