ඊයේ උඩුයටිකුරු වුණ රන් මිලේ අද නවතම තත්ත්වය - මෙහෙම ගියොත් පවුමක් තියා පවුම් භාගයක්වත් ගන්න වෙන් නෑ
ශ්රී ලංකාවේ රන් මිල ඊයේ(26) දින ඉහළ ගොස් ඇති බවට සමස්ත ශ්රී ලංකා ස්වර්ණාභරණ සංගමය දැන්වීමත් සමඟ අද(27) දින රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් පරිදීයි.
ඒ අනුව,
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 378,015ක් සහ එහි විකුණුම් මිල රුපියල් 400,015ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 346,293ක් සහ එහි විකුණුම් මිල රුපියල් 366,410ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 330,775ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,990ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 283,490ක් සහ එහි විකුණුම් මිල රුපියල් 299,980ක් ලෙස දැක්වේ.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.