“සිහින ගමනාන්තයක්” යටතේ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අඛණ්ඩව
By Malith Madushan
Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක “සිහින ගමනාන්තයක්” ව්‍යාපෘතිය යටතේ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදුකරමින් පවතී.
රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන මෙරට බෝරා ප්‍රජාවගේ මුල්‍ය දායකත්වයෙන් සිදුකෙරේ.
මේ වන විට රුපියල් මිලියන 55ක පමණ මුදලක් වැය කර නවීකරණ කටයුතු සිදුකර ඇති අතර, සියලු වැඩකටයුතු මෙම වසරේ අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.




