මුහුදු යන අයට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවවාදාත්මක නිවේදනයක්

Report

කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළාසන්න මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50–60 දක්වා ඉහළ යා හැකි අතර, එම ප්‍රදේශ විටින් විට රළු මුහුදු තත්ත්වයන්ට පත්විය හැකි බවද සඳහන් වේ.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි නිවේදන නිරන්තරයෙන් අනුගමනය කරන ලෙසත් ඉල්ලා සිටී.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

Gallery