දමිළ සිනමාවට නැතුවම බැරි වූ ඔහුත් යන්නම යයි - ඉන්දියාවම කම්පා කරමින් ප්‍රවීණ අධ්‍යක්ෂ - නළු කේ භාග්‍යරාජ් ජීවිතක්ෂයට

By Kaushi Jun 27, 2026 05:14 AM GMT
Report

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක - නළු භාරතිරාජාගේ අභාවයෙන් දින කිහිපයකට පසුව ප්‍රවීණ අධ්‍යක්ෂ - නළු කේ භාග්‍යරාජ් අද උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම පුවත වාර්තා වීමත් සමඟ මුළු මහත් දමිළ චිත්‍රපට ප්‍රජාවම දැවැන්ත කම්පනයකට සහ සංවේගයකට පත්ව ඇත.

දශක පහකට ආසන්න කාලයක් පුරා කීර්තිමත් වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගත් සහ දෙමළ සිනමාවට කළ දායකත්වය වෙනුවෙන් පුළුල් පිළිගැනීමක් ලබා ගත් ඔහු හෘදයාබාධයකින් පෙළුන බව සඳහන්.

ඔහු මිය යන විට 73 හැවිරිදි වියේ පසු වූ අතර අධ්‍යක්ෂක, නළුවෙකු, තිර රචකයෙකු, රචකයෙකු සහ නවකතාකරුවෙකු ලෙස ඔහු සිනමා ක්ෂේත්‍රය පුරාම රසික ආදරය දිනාගත්තෙක් විය.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

කෙසේ වෙතත් සිහිසුන්ව ඇපලෝ රෝහල් වෙත ගෙන එන ගිය ඔහු මිය ගිය බව එහිදී වෛද්‍යවරු ප්‍රකාශ කර ඇති බව සඳහන්. 1953 ජනවාරි 7 වන දින ගෝබිචෙට්ටිපාලයම් අසල ක්‍රිෂ්ණස්වාමි භාග්‍යරාජ් ලෙස උපත ලැබූ ඔහු චිත්‍රපට කර්මාන්තයට පැමිණි අතර භාරතිරාජාගේ 16 වයතිනිලේ (1977) චිත්‍රපටයේ ඔහුගේ පළමු තිර දර්ශනය, පසුබිම් අතිරේක චරිතයක් වශයෙන් ඔහු සිදු කර ඇත. අනතුරුව වසර දෙකකට පසු ඔහු අධ්‍යක්ෂවරයෙකු බවට පත්විය.

ඔහු ඊළඟ දශක පහ ගත කළේ ඉන්දියානු සිනමාවේ ඉතා ස්වල්ප දෙනෙකුට කළ හැකි දේ කරමිනි. එනම් තිර රචනය ලිවීම, සංගීතය රචනා කිරීම, චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සහ පසුව ප්‍රධාන චරිතය රඟපෑමට කැමරාව ඉදිරියට පැමිණීමයි.

ඔහුගේ ජනප්‍රියම චිත්‍රපට 1980 දශකය පුරාවටම අතිවිශිෂ්ට ලෙස තිරගත වූ අතර ඔරු කයි ඔසායි (1980) දෙමළ සිනමාවේ සුවිශේෂී නව හඬක් ප්‍රකාශයට පත් කිරීමට සමත් විය. එසේම මුන්දනයි මුඩිචු (1983) - ඔහු උර්වශි සමඟ රචනා කර, අධ්‍යක්ෂණය කර, රඟපෑ - ඔහුට ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා සම්මානය දිනා දීමට සමත් විය.

අදත් උදේම බිහිසුණු අනතුරක් - බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 42 ට තුවාල

අදත් උදේම බිහිසුණු අනතුරක් - බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 42 ට තුවාල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා ශුභයි - සියලුම ලග්න පලාපල විස්තරය මෙන්න

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා ශුභයි - සියලුම ලග්න පලාපල විස්තරය මෙන්න

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ