දැන් අපි චීන භාෂාවට උනන්දු වෙමු - චීනය සමඟ එක්වුනු ජාතික රූපවාහිනිය
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ මහජන චීන සමූහාණ්ඩුවේ චොං විං විකාශන සමූහය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම, සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හුවමාරුව අරමුණු කරමින්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ චොං විං විකාශන සමූහය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත.
මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර වැඩසටහන් හුවමාරුව, ඉගෙනුම් හා පුහුණු අවස්ථා ප්‍රවර්ධනය, ඒකාබද්ධ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සහ සංචාරක කර්මාන්තයට අවශ්‍ය ප්‍රචාරණය ලබා ගැනීම සඳහා අවස්ථාවන් හිමිවනු ඇත.
එසේම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
