එයා අල්ලනකොට මාව හිරි වැටුණා .මට පාලනක් නැතුව ගියා ..

By Hashan May 24, 2025 06:26 AM GMT
Report

සමහර දේවල් තියෙනවා ඇස් දෙකෙන් හරියටම දැක්කත් ඒවාගේ හැංගිච්ච තවත් ගොඩක් කතා තියෙන .....ඉතින් මේ කියන්න යන්නේ ඇස් දෙකෙන් දැකල කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ජිවිතේ එක තැනක් වරද්ද ගත්ත තරුණියක් ගැන. 

දැනට මේ තරුණිය විවාහ වෙලා තමයි ඉන්නේ .. කොහොම හරි අපි කතාවට යමුකෝ ........

ඒත් මට එයාව අමතක කරන්න බැහැ... එයාව මම ඉස්සල්ලම දැක්කේ ජිම් එකේ දී.. සික්ස් පැක් එක දැක්කාම කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් හැරිලා බලනවා.

ඉතින් එයා දිහා ... මම එයා දිහා වශී වෙලා වගේ බලාගෙන හිටියේ .. අනේ මන්ද ඒ ඇයි කියලා

එයාගේ නම රාද්... මම රාද්ට ගොඩක් ආදරේ කළා... දවසක් ඇර දවසක් ජිම් එකට ආපු මම දවස ගානේ ජිම් එකට එන්න පටන් ගත්තා...ඒ රාද් හින්දා .... එයා මුලින් නම් කා දිහාවත් බැලුවේ නැහැ... මම දවසක් හිනා වුණා.. බලෙන් වගේ.. එදා.. ඔව් එදා එයා යන්තම් මා එක්ක හිනා වුණා... මට නම් ඉතින් ඉහේ මලක් පිපුනා වගේ එදා නම්

කොහොම හරි මාසයක් දෙකක් යන්න ඇති... දවසක් ජිම් එකේ දී මගේ ලෙග් එකේ පේන් එකක් ආවා.. මම කෑගහලා ඇඩුවා... රාද් ඉක්මණින් ඇවිත් මගේ කකුල බැලුවා.. එයා එහෙම අල්ලනකොට මාව හිරි වැටුණා....

අපේ ඇස් පැටළුනා... අපි යාළුවෝ උනේ එහෙම.. අපේ යාළුකම ටික දවසක් යද්දි දළු දාලා වැඩුණා... හරියට ලෙන්ගතු වුණා අපි... එකට කොෆි බොන්න ගියා... මුහුද බලන්න ගියා... වරු ගණන් කතා කළා..

රාද්ට බිස්නස් තිබ්බා.. එයා ලෝකේ ෆේමස් බ්‍රැන්ඩ් එකක් එක්ක වැඩ කරා... එයාගේ හීනේ වුණේ බිස්නස් දියුණු කර එක... එහෙමයි එයා කිව්වේ...

තවත් මාරක රිය අනතුරක් - එක් අයෙක් මරුට

තවත් මාරක රිය අනතුරක් - එක් අයෙක් මරුට

රාද් දවසක් හවසක කාර් එකේ දී මාව කිස් කරා... මට මාව පාලනය කරගන්න බැරි වුණා... මගේ අපාර්ට්මන්ට් එකේ දී අපි අපේ සීමාව පැන්නා... මම මගේ ජිවිතේ වටිනාම දේ එයාට පූජා කරා... කිසිම දවසක මට එයා ගැන සැකයක් ආවේ නැහැ...

ඒ කාලේ පිස්සුවක්.. අපි ආදරේ උපරිම වින්දා.. අපි දෙන්නාට නිදහස තිබ්බා... සල්ලි තිබ්බා... හැමදාම මට එයාව ඕනි වුණා.. අපි එකට මත් වුණා... ආස හැම විදියටම ජිවිතේ උපරිම වින්දා....

අම්මෝ ඒ කාලේ...

ඒත් එයාට ටික ටික වැඩ වැඩි වුණා... මට එයාව නැතුව ඉන්න බෑ කියද්දි මම අඩනකොට පවා.. එයා බිසී වුණා...

අහම්බෙන් දවසක මගේ යාළුවෙක් එයාව දැකලා තිබ්බා කොළඹ හතේ නයිට් ක්ලබ් එකක ... ෆොරින කෙනෙක් එක්ක ... ඒ සුද්දි ගොඩාක් වැඩිමල් කියලා මගේ යාලුවා කිව්වා... මම පිළිගත්තේ නැහැ...

අන්තිමේ දී මගේ යාළුවා මට ෆොටෝ එකක් එව්වා... ඔව් මගේ රාද්... ඒ සුද්දිව බදාගෙන ලිප් කිස් එකක් දෙනවා... ඒ කතාව මගේ ඇස් ඉස්සරහා ඇත්තක් වෙලා... මට පිස්සු හැදෙන්න ආවා.. රාද්ට කෝල් කරලා ඇහුවා.. එයා නෑ කිව්වා... ෆොටෝ එක යැව්වට පස්සේ එයා නිහඬ වුණා...

ඒ එයාගේ වයිෆ්... ඒ කියන්නේ මම රැවටිලා... රාද්ගේ වයිෆ් ලඟදි ලංකාවට ඇවිත් තිබ්බේ ටික කාලෙකට... රාද් කළින් ඇවිත් බිස්නස් වලට... ඒකයි අහම්බෙන් එයා අපේ ජිම් එකට ඇවිත් තිබ්බේ... එයා එහේ දි ඉගෙන ගන්නකොට තමයි ලුසීව බැදලා තියෙන්නේ...මම හොඳට ම ඇඬුවා.. ඒත් රාද් මගේ ජිවිතෙන් අයින් වුණා..

වාහන බලපත්‍ර ගන්නනම් මේකත් කරන්නම වෙනවා

වාහන බලපත්‍ර ගන්නනම් මේකත් කරන්නම වෙනවා

එයාට මගේ ජිවිතේ රවට්ටන්න තිබ්බ අයිතිය මොකද්ද ? මම තාම කල්පනා කරනවා...

හැබැයි එයාගෙන් ලැබුණ දේවල් තාම අමතක කරන්න බැරි තරම් මගේ ගෑණු හදවත ලෝබයි...