මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

Gossip Today Sinhala news
By Shehan May 24, 2025 04:05 AM GMT
Shehan

Shehan

Report

රූගත කිරීමකට යමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ මහත්මියගේ ශල්‍යකර්මය සම්බන්ධයෙන් ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළවී ඇත.

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත වෙයි

එහිදී, ඇයගේ ශල්‍යකර්මයට අවශ්‍ය මූල්‍යමය සහාය පිළිබඳව සඳහන් කර තිබේ.

සම්පූර්ණ සටහන පහත දැක්වේ:

“මේ මොහොතේ මෙවැනි පෝස්ට් එකක් ෆේස්බුක් හරහා සංසරණය වෙමින් පවතිනවා. මෙය අප විසින් සකස් කළ පෝස්ටුවක් වන අතර, එය වට්සැප් සහ මෙසෙන්ජර් හරහා අපගේ ඉතා සමීප මිතුරන් අතර පමණක් බෙදා ගැනීමට අපේක්ෂා කළා.

නමුත් දැන් මෙම පෝස්ටුව විවිධ ෆේස්බුක් පිටු සහ ගිණුම් හරහා ප්‍රචාරණය වෙමින් පවතිනවා. ඒ සඳහා සහාය වූ සැමට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

ඉවතට ගිය අනුදිට වෙන්න යනදේ.. - අනුදි හිත අවුලෙන්.. Head to Head ජය රටවල් 4 කට

ඉවතට ගිය අනුදිට වෙන්න යනදේ.. - අනුදි හිත අවුලෙන්.. Head to Head ජය රටවල් 4 කට

මෙම මුදල් අම්මාගේ ශල්‍යකර්මය සඳහා පමණයි. එසේම, ඇයගේ ඉදිරි ප්‍රතිකාර සඳහාත්, අප මේ මොහොතේත් දරන මුදල් ප්‍රමාණය ඉතා විශාලයි.

එබැවින්, මෙම පෝස්ටුව හරහා වෙනත් අය අපහසුතාවට පත් නොකරන ලෙස ඉල්ලමි.

මේ ඔබගේ උදව් අවශ්‍යම මොහොතයි…

පසුගියදා රූගත කිරීමකදී හදිසි අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ මහත්මිය දැනට කුරුණෑගල මහ රෝහලේ 85 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

වෛද්‍ය උපදෙස් අනුව, හැකි ඉක්මනින් ශල්‍යකර්මයක් සිදු කළ යුතු වන අතර, එය සඳහා රුපියල් ලක්ෂ පහක (රු. 500,000/=) මුදලක් අවශ්‍යයි.

ඔබට හැකි පරිදි ඇයට සහාය වන ලෙස ඉල්ලා සිටිනවා.

ඇයගේ බැංකු ගිණුම්විස්තර:
රූපා පතිරණ 93298403
ලංකා බැංකුව
පොල්ගහවෙල

[J

ReeCha