ඉවතට ගිය අනුදිට වෙන්න යනදේ.. - අනුදි හිත අවුලෙන්.. Head to Head ජය රටවල් 4 කට [VIDEO]

Latest Headlines Sinhala news Anudi Gunasekara miss world 2025 2025 Update
By Shehan May 24, 2025 01:53 AM GMT
Shehan

Shehan

Report

අද පැවති Miss World - Head to Head Challenge තරඟවටයේ අවසන් තරඟයේදී, ශ්‍රී ලංකාවේ ආනුදි ගුණසේකරට ලැබුණු ප්‍රශ්නයට ඇය ලබාදුන් පිළිතුර මෙයයි.

ඔසප් දරිද්‍රතාවය පිළිබඳ තම අත්දැකීම් සහ එය තුරන් කිරීම සඳහා ගත් ප්‍රවේශයන් ඉදිරිපත් කරමින් ඇය විශිෂ්ට පිළිතුරක් ලබාදුන් නමුත්, එය තරඟයේ අවසන් 8 දෙනා අතරට තේරී පත්වීමට ප්‍රමාණවත් නොවීය.

ආසියා සහ ඕෂනියා කාණ්ඩය නියෝජනය කරමින් අවසන් 8 දෙනා අතරට තේරී පත්වූයේ තුර්කිය සහ තායිලන්තයයි.

අනුදි තරඟකරුවන්ට සනීපාරක්ෂක තුවා තෑගී කරයි (PHOTO)

අනුදි තරඟකරුවන්ට සනීපාරක්ෂක තුවා තෑගී කරයි (PHOTO)

ඒ අතර, ඉන්දියාවේ පැවැත්වෙන මිස් වර්ල්ඩ් 2025 තරගාවලියේ උප ඉසව් කිහිපයක් මේ වන විට අවසන් වී ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ තරගකාරිනිය ආනුදි ගුණසේකර සම්බන්ධයෙන් බලාපොරොත්තු රැසක් තිබූ Head-to-Head Challenge තරග ඉසව්වේදී, ඇගේ ආකර්ෂණීය කතාව ඉදිරිපත් වුවද, ඇය පළමු 4 දෙනා හෝ පළමු 8 දෙනා අතරට තේරී පත්වූයේ නැත. ඇය පළමු 20 දෙනා අතරට පමණක් රැඳුණු අතර එම ඉසව්ව එලෙස අවසන් විය.

ලෝක රූ රැජිණ තරඟයෙන් ඉදිරියටම යන්න අනුදිට සපෝර්ට් කරන්න ඔබටත් අවස්ථාවක් - ඒ වැඩේ කරන්නේ මෙහෙමයි

ලෝක රූ රැජිණ තරඟයෙන් ඉදිරියටම යන්න අනුදිට සපෝර්ට් කරන්න ඔබටත් අවස්ථාවක් - ඒ වැඩේ කරන්නේ මෙහෙමයි

ඊළඟට, ටැලන්ට් ඉසව්වේදී ඇය තේරී පත්ව සිටි නමුත් ජයග්‍රහණය ඉන්දුනීසියාවට හිමි වූ අතර, ආනුදි පළමු 24 දෙනා අතර රැඳුණාය. ක්‍රීඩා ඉසව්ව සඳහා තෝරාගත් 32 දෙනා අතරට ඇය ඇතුළත් වූයේ නැති අතර, එම ඉසව්වේ ජය එස්ටෝනියානු තරගකාරිනියට හිමි විය.

මෙම තරගාවලියට විවිධ රටවලින් තරගකාරිනියන් 108ක් සහභාගී වන අතර, අවසන් තරගය ලබන 31 වනදා පැවැත්වේ. ඊට පෙර Beauty With a Purpose සහ Top Model Challenge යන උප ඉසව් දෙක ඉදිරි දිනවලදී පැවැත්වෙනු ඇත. මේ වන විට පැවති තරග ඉසව් තුනේ ප්‍රතිඵල පහත දැක්වේ.

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha